කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යලි ස්ථාපිත කරන්නැයි ඉල්ලා ජනපතිට ලිපියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යලි ස්ථාපිත කළ යුතු බව ‘ළමා හිංසනයට තිත’ සංවිධානය පෙන්වා දෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ස්වෙච්ඡා සංවිධානය පෙන්වා දෙන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය අහෝසි කොට පාසල් යටිතල පහසුකම් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා හා ප්‍රාථමික අධ්‍යාපන හා අධ්‍යාපන සේවා ලෙස කැබිනට් නොවන රාජ්‍ය අමාත්‍යාංශයක් ඇරඹීම නුසුදුසු පියවරක් බවයි.

කිතුල්, කජු හෝ බතික් වැනි සුළු කර්මාන්ත වලට ලබා දෙන ස්ථානය රටේ දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් ලබා දී ඇති බවත් වාර්තාගත ලෙස රටේ ළමා හිංසන සහ කාන්තා හිංසන ඉහළ මට්ටමකින් වාර්තා වන තත්වයකදී ඉතා ඉහළ වැදගත්කමක් ඇති මෙම අමාත්‍යංශය රාජ්‍ය අමාත්‍යවරයෙකු යටතට ලක් කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් රටේ විද්වතුන්ගේ අත්සනින් යුතු මෙම ලිපිය හරහා පෙන්වා දෙනවා.