ළමා ආරක්ෂණ අර්බුදය රජයේ බලධාරීන් ඵලදායි ලෙස විසඳා ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය.
ළමා හිංසනයට තිත පදනම, ශ්රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන සහ රාජ්ය නොවන සංවිධාන එක්ව අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිතුමිය මේ බව කියාසිටියාය.
ළමා ආරක්ෂණය, සමාජයක ශිෂ්ට සම්පන්න භාවයේ මිනුමක් වන බව ද ඇය පැවසූවාය.
ශ්රී ලංකාවේ වර්තමාන ළමා ආරක්ෂණ අර්බුදයට විසඳුම් සෙවීම පිණිස, ළමා හිංසනයට තිත පදනම විසින් ළමා ආරක්ෂණ සන්ධානය පිහිටුවීමට දරන ප්රයත්නය තමා අගය කර සිටින බව ද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
ළමා දිනය සැමරීමට නවතම ප්රවේශයක් වෙත යොමු වෙමින්, ළමා හිංසනයට තිත පදනම (SCC)පොදු වැඩසටහන් මඟින් දරුවන්ගේ මූලික අයිතීන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ‘#ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසය’ ආරම්භ කර තිබේ.
‘#ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසය’සැමරීම නිමිත්තෙන්, 2021 ඔක්තෝම්බර් 1 වෙනි දින සිට 2021 නොවැම්බර් 20 දක්වා සෑම සති අන්තයකම පැවැත්වෙන අන්තර්ජාල සංසද මාලාවක් ඇතුළුව වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.
ඉදිරි වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන වීම සඳහා www.facebook.com/stopchildcruelty වෙත පිවිසෙන්න.
ශ්රී ලංකාවේ ළමා ආරක්ෂණය වෙනුවෙන් මැදිහත් වීමට කැමති පිරිසට www.stopchildcruelty.com හෝ info@stopchildcruelty.com වෙත පිවිසිය හැකිය.