ශිරෝමි අබ­ය­සිංහ

සෑම පැය දෙක­කට වරක්ම අප රටේ දරු­වකු ලිංගික අත­ව­ර­යට ලක්වන බව නිල සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලින් හෙළි වන බවත්, ශ්‍රී ලංකාව ළමා ආර­ක්ෂ­ණය අතින් ලොව අනා­ර­ක්ෂි­තම රට­වල් 10% අත­රට වැටී තිබෙන බවත් ළමා හිංස­න­යට තිත පද­නමේ ආර­ම්භක සභා­ප­තිනී වෛද්‍ය තුෂ් වික්‍ර­ම­නා­යක, මහ­ත්මිය පැව­සු­වාය.

එම මහ­ත්මිය මේ බව සඳ­හන් කළේ ශ්‍රී ලංකා පුව­ත්පත් ආය­ත­නයේ පසු­ගි­යදා පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මිනි.

ළමා ආර­ක්ෂ­ණ­යට බාධා එල්ල වන, දණ්ඩ නීති සංග්‍ර­හය තුළ ඇති විස­මතා සංශෝ­ධ­නය කිරීම සඳහා ක්ෂණික පිළි­යම් යෙදී­ම­ටත්, ළමා ආර­ක්ෂ­ණය පිළි­බඳ ජාතික හා ජාත්‍ය­න්තර ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කිරී­ම­ටත් රජයේ අනි­වාර්ය වග­කීම ඉටු කිරී­ම­ටත් නියෝග කර­මින්, ශාරී­රික දඬු­ව­ම්ව­ලට එරෙ­හිව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මෑත කාලයේ ලබා දුන්, ඉතා­මත් සුවි­ශේෂී ළමා ආර­ක්ෂණ නඩු තීන්දුව කෙරෙහි, ළමා හිංස­න­යට තිත පද­න­මෙහි උප­දේ­ශන කට­යු­තු­ව­ලින්ද අනු­බ­ල­යක් ලැබී තිබෙන බව, විශේ­ෂඥ පිළි ගැනීම බවත් ඇය සඳ­හන් කළාය. එලෙ­සින් ශ්‍රී ලංකාවේ ළමා ආර­ක්ෂ­ණය සම්බ­න්ධ­යෙන් වඩාත් උද්යෝ­ගි­මත් සට­හ­නක් තැබූ ළමා හිංස­න­යට තිත පද­නම, ‘අඳුරු උරු­මය නව­තමු!’ වැඩ­ස­ට­හන සාර්ථ­කව ක්‍රියා­ත්මක කර­මින් සිය තෙවන වර්ෂ පූර්ණය සැමරූ බවත් සිහි­පත් කළාය.

මෙම සංවා­ද­යට කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල දෙපා­ර්ත­මේ­න්තුවේ මහා­චාර්ය සරත් විජේ­සූ­රිය, නීතිඥ අචලා සෙනෙ­වි­රත්න, සමාජ ක්‍රියා­කා­රිනී සහ ළමා හිංස­න­යට තිත පද­නමේ තානා­ප­තිනි භූමි හරේ­න්ද්‍රන්, තරුණ ක්‍රියා­කා­රිනී සහ ළමා හිංස­න­යට තිත පද­නමේ තරුණ තානා­ප­තිනි ෂයි­නුජා ඉන්පා­නා­දන් මෙන­විය, ළමා අයි­ති­වා­සි­කම් ක්‍රියා­කා­රි­නි­යක වන හිටපු ශ්‍රී ලංකා විවා­හක රූ රැජින චන්දි අළු­වි­හාරේ මහ­ත්මිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය පීඨයේ, රොට­රැක්ට් සමා­ජයේ සභා­පති තනුජ කොට­ව­ල­ගෙ­දර මහත්ම මහ­ත්මී­න්ගෙන් සැදු­ම්ලත් විද්වත් මඬු­ල්ලක් සහ­භාගී විය.

මෙම සංවා­ද­යේදී සාක­ච්ඡා­වට ගැනුනු ප්‍රධාන කාරණා ලෙසින් ශාරී­රික දඬු­වම් සහ මාන­සික අප­යෝ­ජ­න­යන්ට එරෙ­හිව එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමි­සම වෙත ඉදි­රි­පත් කෙරුණු 11 හැවි­රිදි ශ්‍රී ලාංකික දැරි­ය­කගේ ඓති­හා­සික අභි­යා­ච­නය සහ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වට ප්‍රශංසා කිරීම මෙන්ම, ජාතික ළමා ආර­ක්ෂණ අර්බු­දය විස­ඳීම සඳහා රාජයේ පාර්ශ්ව­යට ඇති බල­පෑම සෙනෙ­වි­රත්න මහ­ත්මිය පැහැ­දිළි කළාය. දරු­වන් ආරක්ෂා කර ගැනී­මට සමා­ජයේ සාමූ­හික වග­කී­මත්, මතු පර­ම්ප­රා­වට ලබා දෙන දායා­ද­යත් මහා­චාර්ය විජේ­සූ­රිය මහතා අව­ධා­ර­ණය කළේය.

ළමා අප­යෝ­ජ­නය වැළැ­ක්වීම සහ බල ගැන්වීම සඳහා දරු­වන් හට අත්‍ය­වශ්‍ය ලිංගික අධ්‍යා­ප­නය ලබා දීමේ වැද­ග­ත්කම අළු­වි­හාරේ මහ­ත්මිය පෙන්වා දුන් අතර, ළමයා අයි­ති­වා­සි­කම් දර­න්නකු ලෙසින් පිළි ගැනීමේ අව­ශ්‍ය­තාව හරේ­න්ද්‍රන් මහ­ත්මිය පැහැ­දිලි කළාය.

‘පර­පු­රක අභි­යා­ච­නය' මැයෙන් වූ පූර්වා­දර්ශී විවාද මාලාව කොට­ව­ල­ගෙ­දර මහතා හඳුන්වා දෙනු ලැබිණි. ළමා ආර­ක්ෂ­ණය වෙනු­වෙන් පාසල් සිසුන් සෘජු­වම සහ­භාගී වුණු පළමු අව­ස්ථාව මෙයයි. මෙහිදී ජය­ග්‍රාහී කණ්ඩා­යම් සඳහා සම්මාන පිරි නැමූ අතර, මහා­චාර්ය විජේ­සූ­රිය මහතා රචිත ධනා­ත්මක විනය ක්‍රම පිළි­බඳ ග්‍රන්ථ පරි­ත්‍යාග කළේය. ළමා හිංස­න­යට තිත පද­නම පිරි නැමූ සම්මාන අත­රින් සුවි­ශේෂී සම්මා­න­යක් ලෙසින්, අප­යෝ­ජ­න­යට ගොදුරු වූ ළමුන් සම්බන්ධ සිද්ධි 10ක අධ්‍ය­යන එක­තු­වක් ලිවීම වෙනු­වෙන් 'හොඳම කථි­කයා' සඳහා ප්‍රදා­න­යක් පිරි නැමිනි. එම අධ්‍ය­යන එක­තුව, ළමා හිංස­න­යට තිත පද­නම නුදු­රේදී පළ කිරී­මට නිය­මි­තය.

ළමා ආර­ක්ෂ­ණය සම්බ­න්ධ­යෙන් ප්‍රග­ති­ශීලී වෙන­ස්කම් ඇති කිරීම පිණිස සිවිල් සමාජ සංවි­ධාන සමඟ රජය සමී­පව කට­යුතු කිරීමේ අව­ශ්‍ය­තාව මෙම සංවා­ද­යේදී අව­ධා­ර­ණය කෙරුණු අතර, අපගේ අනා­ග­තයේ සැබෑ හිමි­ක­රු­වන් වන දරු­වන් සඳහා සමා­නා­ත්ම­තාව, යුක්තිය සහ බලා­පො­රො­ත්තුව සහ­තික කිරී­මට කට­යුතු කරන ලෙස, ළමා හිංස­න­යට තිත පද­නම, සියලු පුර­වැ­සි­ය­න්ගෙන් ඉල්ලා සිටි­යේය.

මේ පිළි­බඳ වැඩි­දුර විස්තර www.stopchildcruelty.com වෙබ් අඩ­වි­යෙන් ලබා ගත හැකිය.